පුතාලා චුට්ට චුට්ට ලොකු වෙනවා වගේම පුතාලා දැකල තියෙනවද ගසුත් චුට්ට චුට්ට ලොකු වෙනවා?
පුතේ, පුතාලා ලොකු වෙන්නේ කෑම කෑවමනේ... ඒ වගේම තමයි ගස් වලටත් ලොකු වෙන්න කෑම ඕනි... ගස් අපිට කෑම දෙනව නේද පුතේ? එතකොට ගස් වලට කෑම දෙන්නේ කවුද?
ගස් එයාලගෙ කෑම එයාලම හදාගන්නවා. ඒකට එයාලට මැජික් බලයක් තියෙනවා.
අන්න ඒ මැජික් බලයට අපි කියනවා ප්‍රභාසංශ්ලේෂණය කියලා...
ගස් එයාලගේ මුල් වලින් වතුර ගහ ඇතුළට අරගන්නවා.
ඒ වගේම තමයි පුතේ, කොළ වලින් පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් කියන වායුව උරා ගන්නවා.
තව පුතේ ඉර එළියත් කොළ වලින් උරාගන්නවා.
ට පස්සේ පුතේ මේ උරා ගත්ත හැමදේම කොළ ඇතුළෙ තියෙන හරිතලව කියන කොටස ඇතුලේ තියෙන හරිතප්‍රද කියන කොටස ඇතුළෙදි එකට එකතු වෙලා ඔක්සිජන් කියන වායුවත්, ග්ලූකෝස් කියන දේත් නිපදවනවා.
මෙන්න මේ ග්ලුකෝස් ප්‍රයෝජනයට අරගෙන තමයි පුතේ ගස් ලොකු වෙන්නේ. ඒ වගේම ඉතිරිවෙන ටික අපිට පලතුරු, එළවළු, අල ජාති විදිහට තෑගි දෙන්නත් ගස් අමතක කරන්නේ නැහැ....