එකෝමත් එක කාලෙක අහස පොළොවට ගොඩක් ළඟින් තමයි තිබුණේ. ගෙදර වහලෙට නැග්ගොත් අහස අල්ලන්නත් පුළුවන් වුණා.
මේ කාලේ ක්ෂිතිජය ළඟම තිබුණු ලස්සන ගම්මානෙක ගොඩාක් වයසට ගිය ආච්චි කෙනෙක් ජීවත් වුණා. මේ ආච්චිට යාළුවෝ, නෑදෑයෝ, දරුවෝ කවුරුත්ම හිටියේ නෑ.
ඉතින් පුතේ මේ ආච්චි මුළු දවසම කළේ මිදුල අතුගෑව එක.
ඔහොම ටික කලක් ගෙවිලා යනකොට මේ ගමට ලොකු වියළි කාලයක් උදා වුණා. ගමේ හැම තැනම දූවිල්ලෙන් වැහිලා ගියා. මේ දූවිල්ල නිසා ගමේ හැමෝටම කිඹුහුම් යන්න පටන් ගත්තා.
අහසත් පොළව ළඟම තිබුණු නිසා අහසටත් කිඹුහුම් ගියා.
හැබැයි පුතේ අපේ ආච්චිට නම් මේ ගැන වගේ වගක් වත් තිබුණේ නෑ. ආච්චි මුළු දවසම මිදුල අතුගෑවා.
හැබැයි මෙහෙම මිඳලා අතුගානකොට දූවිලි තව තවත් වැඩිපුර ඇවිස්සිලා අහසට වැඩියෙන් කිඹුහුම් යන්න පටන් ගත්තා. මේ කිඹුහුම් දරාගන්න බැරුව අහසට කඳුළු එන්න පටන් ගත්තා.
මේ කඳුළු ආච්චි අතු ගගා හිටියේ මිදුලට වැටුණා. මේ කඳුළු වලින් ආච්චි ලස්සනට අතු ගෑව මිදුල කැත වුණ නිසා ආච්චිට කේන්ති ගියා. ආච්චී අහසට හොඳටම බනින්න පටන් ගත්තා.
අහසට මේ බැණුම් අහගෙන දූවිලිත් ඉවසගෙන ඉන්න බැරි වුණා. ඒ නිසා අහස පොළොවෙන් ඈතට ඈතට ගියා...